gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුර ජනාධිපති කර යලි අරගලයකින් පන්නා දමන සැලසුමක්.. සැලසුම රනිල්ගෙන්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ ඉදිරි ජනාධිපතිවරණය දී අනුර දිසානායක මහතා ජනාධිපති බවට පත් කර ගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

මුලින් ගෝඨාභයට රැවටුන කාදිනල් තුමා දැන් ජවිපෙ ට රැවටෙන්න යනවා… රංගේබණ්ඩාර කියයි!

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර  පැවසීය.

තෙවරප්පෙරුම දුක්වුනේ මා පාර්ලිමේන්තු නොයාම ගැනයි..- නලින්ද

තමන් පාර්ලිමේන්තු නොයාමට වඩා තමන්ට දුක නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තු නොයාම බව පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරන ලද බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

SJBන් ජනපතිට පණිවුඩයක්.. තනතුරක් දෙන්න සූදානම්..

ඉදිරියේ පවත්වන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ සහාය ලබා දෙන්නේ නම් වත්මන් ජනාධිපති  වික්‍රමසිංහ මහතාට තනතුරක් ලබාදීම පිළිබඳ සලකා බැලිය හැකි බව පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

මට ඇප ඒපා! කැනඩාවේදී ලංකාවේ පවුලක්ම මරා දැමූ ලංකාවේ ෆ්‍රෑන්ක් අධිකරණයට කියයි!

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව ඔහුගේ නීතිඥයා පවසයි. 

කුරුමිණියෙක් දෂ්ඨ කිරීමෙන් පුද්ගලයෙක් මරුට…

කුරුමිණියෙකු දෂ්ඨ කිරීමෙන් රෝගී වූ පුද්ගලයෙකු යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ( 18 ) මියගොස් තිබේ. යාපනයේ පදිංචි 52 හැවිරිදි ෂන්මුගවේල් අරුන්සෙල්වම් නැමති මෙම පුද්ගලයාට නිවසේදී කුරුමිණියෙකු දෂ්ඨ කොට අති අතර ස්වල්ප වේලාවකදී

බාල බෙහෙත් ගෙන්වූ සමාගම් වැලම අධිකරණයට; සමාගම් ලැයිස්තුවත් එළියට

හියුමන් ඉමියුනොග්ලොබුලින් ඇතුළු මෑත කාලීනව සිදු වූ මතභේදාත්මක වෛද්‍ය සැපයුම් සිදුකර ඇති සමාගම් වෙතින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය සහ සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණය වැරදි, නීත්‍යානුකූල නොවන, ශුන්‍ය සහ අවලංගු, සහ නීතිය ඉදිරියේ බල රහිත බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය

දේශපාලන පවුලක් කෝටි 70ක ඉඩම් කොළඹින් ගනී... බල්ලන් 12ක් ACකාමරවල

දකුණේ ප්‍රබල දේශපාලන පවුලක් කොළඹ ප්‍රදේශයෙන් රුපියල් කෝටි හැත්තෑවකට අධික වටිනාකමින් යුත් ඉඩම් කිහිපයක් මිලට ගෙන ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය සඳහන් කරයි.

සනත් නිශාන්තගේ බිරිදට ආණ්ඩුකාරකමක්?

රිය අනතුරකින් අභාවප්‍රප්ත වූ හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ බිරිඳට වයඹ පළාතේ ආණ්ඩුකාර ධුරය යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

ඉදිරියේදී සිදු කිරීමට සාකච්ඡා වෙමින් ඇති පළාත් ආණ්ඩුකාර සංශෝධනයේදී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවද වාර්තා වෙයි.

ඊශ්‍රායලය ඉරානයට පහර දෙයි.. විශාල පිපිරීම්.. න්‍යෂ්ටික බලාගාර අනතුරේ.. (video)

ඊශ්‍රායලය විසින් ඉරානයේ ඉලක්ක කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ්විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාර එල් කර ඇති බව වාර්තාවන් කියා සිටී.

හිටපු ජනාධිපතිවරු 03ක් ලීසිං සමාගම්වලට රුපියල් බිලියන 2.3ක් පොලු තියලා… සමහර වාහන අතුරුදහන්… සමාගම් නඩු යයි!

2005 සිට 2015 දක්වා රටේ ජනාධිපතිවරුන් තුන් දෙනෙක් විසින් කල්බදු ක්‍රමය යටතේ ජනාධිපති ලේකම් කාර්යාල වෙත ගන්නා ලද වාහන සඳහා අයවිය යුතු රුපියල් කෝටි 230ක් ( බිලියන 2.3)  අයකර ගැනීම සඳහා අදාල සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීරණ වී ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය හෙළි කරයි.

ජනක රත්නායකව නිරුවත් කරන්න හැදූ ගයත්‍රි බිම්බාට අධිකරණයෙන් වාරණයක්!

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගේ කීර්තියට අපහාස වන ආකාරයට ඔහුගේ පුද්ගලිකත්වය හා සම්බන්ධ වීඩියෝ දර්ශන හා ඡායාරූප ඇතුළු තොරතුරු සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (අප්‍රේල් 18) ඔහුගේ හිටපු පෞද්ගලික සහායිකාව වශයෙන් කටයුතු කළ ගයත්‍රි බිම්බා වෙත වාරණ නියෝගයක් නිකුත් කළේය.

මමයි පාලිතයි කොත්තුව 1900ට විකුණපු එකාගේ කණ අතගාන්න යන්න හිටියේ... පාලිත සොයාගෙන මං මාරයා ලගට ඉක්මනින්ම යනවා - මර්වින් සිල්වා

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා සොයාගෙන තමන් ද ළඟදීම යන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

තෙවරප්පෙරුම මහතා සමග තමන් ළඟදි ලොකු වැඩක් කිරීමට සැලසුම් කර තිබූ බවත් නමුත් එය කිරීමට අවස්ථාවක් නොලැබූ බවත් ඒ මහතා පැවසීය.

ඊබ්‍රාහිම් ජාතික ලැයිස්තුවට දාපු කාලෙ එහෙම නෑ... පුතාලා පුපුරවාගත්තේ පස්සේ - මාලිමාවෙන් ප‍්‍රකාශයක්!

පාස්කු බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගන්නා ලද මොහොමඩ් ඊබ්‍රහම් 2015 දී ජාතික ජන බලවේගය ජාතික ලැයිස්තුවේ සිටියද 2019 දී ඔහුගේ පුතුන් බෝම්බ පුපුරවා ගන්නේදැයි කිසිවකුට දැනගැනීමට හැකියාවක් නැති බව ජාතික ජන බලවේගය සඳහන් කරයි.

ශ්‍රි.ල.නි.ප සභාපති ධූරය දැරීම පිළිබඳ මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය තවත් දීර්ඝ වෙයි!

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට එරෙහිව පැවරූ වාරණය මැයි මස 09 තෙක් දිර්ඝ කිරීමට  කොළඹ දිසා අධිකරණය අද නියෝග කලේය.
පැමිණිල්ල අද  (18) කැඳවු අවස්ථාවේ දී දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේය.

ඊශ්‍රායලයට යලිත් දරුණු ප‍්‍රහාරයක්!

ඊශ්‍රායලයේ උතුරු දිග හමුදා ඉලක්ක කිහිපයක් වෙත ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමින් විසින් දරුණු ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායල් හමුදා භටයන් දාහතර දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් කිහිප දෙනෙකු බරපතල තත්වයේ පසුවෙයි.

බන්ධනාගාරගත කර සිටින්නේ බොහොම ආදරණීය මිනිස්සු - දමිතා

තමන් වැලිකඩ බන්ධනාගාරයේදී අලුත් අවුරුද්ද ඉතා සතුටින් සැමරූ බව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.

වැලිකඩ බන්ධනාගාරය ඇතුළේ සිටින්නේ බොහෝම ආදරණීය මිනිසුන් බවද ඇය කියා සිටියි.

ඉරාන ජනාධිපතිගේ සංචාරය නිසා ඊශ්‍රායල ගුවන් යානා ශ‍්‍රී ලංකාවට පැමිණීම නවත්වයි!

ඉරාන ජනාධිපති ඊබ්‍රාහීම් රයිසි මහතා මෙරට සංචාරයක නිරත වීම හේතුවෙන් ඊශ්‍රායලයේ සිට මෙරට පැමිණ ගුවන් ගමන් නවතා දැමීමට ඊශ්‍රායල් ගුවන් සමාගම කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායල ගුවන් යානයට ගොඩවෙන ගුවන් මගින් දැඩි පරීක්ෂාවක්කට ලක් කර ඇත්තේ අධි ආරක්ෂිත උපකරණ හා විශේෂ පුහුණුව ලද ආරක්ෂකයන් විසිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka