17දා රටම අඳුරු වූ හේතුව වාර්තාවකින්!
පසුගිය 17 වැනිදා රටපුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාවක් ජාතික පද්ධති ක්රියාකරු සමාගම විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කර තිබේ. අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ එදින පෙරවරු 11.43ට පමණ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් ලබාදෙමින් තිබූ මෙගාවොට් 187ක විදුලි බලයක් මිලි තත්ත්පර 450ක් ඇතුළත පද්ධතියෙන් අහිමි වූ බවය.
උද්දමනය පොඩ්ඩක් වැඩිවෙලා.. ජනතාවට දුෂ්කරයි..- ජනපති
රජයේ අපේක්ෂිත ආදායම් ඉලක්කයන්ට කිසිදු හානියක් නොවන අයුරින්, එළඹෙන අයවැය ලේඛනය මඟින් තෝරාගත් බදු වර්ග කිහිපයක් තවදුරටත් පහත හෙළීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කරයි. උත්සව සභාවක් අමතමින් රටේ වත්මන් ආර්ථික ක්රියාකාරීත්වය සහ මූල්ය ප්රවණතා පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මාලිමා ශාකා සමිති ග්රාම සේවා වසම්වල හදලා අපේ අය ආණ්ඩුකරණයට ගන්නවා..- ලාල් කාන්ත
පසුගිය මැතිවරණ සමයේ ගෙයින් ගෙට ගොස් ජාතික ජන බලවේගය වෙනුවෙන් කැපවූ බිම් මට්ටමේ ක්රියාකාරිකයන්, වත්මන් පාලනය තුළ ජනතාව මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා මහජන නියෝජිතයන් සමඟ සෘජුව එක්වෙමින් පාලන ක්රියාවලියට සක්රීයව මැදිහත් විය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.
‘ජනාධිපති ඝාතන කුමන්ත්රණයක්’ කියමින් සමාජ මාධ්යයට මුදාහැරියාට සරත් වීරසේකරගෙන් කෝටි දහයක් ඉල්ලා කිංස්බරි හෝටලයට එන්තරවාසියක්!
තමන් කොළඹ කිංස්බරි (The Kingsbury) හෝටලයට පැමිණි අවස්ථාවේ ලබාගත් ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන විකෘති කර, ‘ජනාධිපති ඝාතන කුමන්ත්රණයක්’ යනුවෙන් අසත්ය ලේබල් අලවා සමාජ මාධ්ය වෙත මුදාහැරීමෙන් සිය කීර්තිනාමයට හානියක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්ය, විශ්රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා එම හෝටල් කළමනාකාරීත්වය වෙත සිය නීතිඥවරුන් මාර්ගයෙන් එන්තරවාසියක් යොමු කර තිබේ.
මත්ද්රව්ය ග්රෑම් පහකට වැඩියෙන් තියාගත්තොත් වරදකරු වන පුද්ගලයන්ට මරණ දඬුවම හෝ ජීවිතාන්ත සිරදඬුවම්!
අයිස්, හෙරොයින් සහ කොකේන් මත්ද්රව්ය ග්රෑම් පහකට වැඩි ප්රමාණයක් ළඟ තබා ගැනීම, සන්තකයේ තබා ගැනීම, වෙළෙඳාම, ජාවාරම හෝ නිෂ්පාදනය සම්බන්ධයෙන් මහාධිකරණ නඩු විභාගයකින් අනතුරුව වරදකරු වන පුද්ගලයන්ට හිමිවන මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම බව පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
ආන්දෝලනාත්මක යක්ෂ රාජ වජ්රපාණි කවියේ සැබෑ නිර්මාණකරු විදෙස්ගත මහාචාර්යවරයෙකු බවට ලිඛිත සාක්ෂි එළියට!
සමාජ මාධ්ය ජාලා ඔස්සේ දැඩි කතාබහට සහ ආන්දෝලනයකට ලක්වූ ‘යක්ෂ රාජ වජ්රපාණි’ නැමැති වස් කවියේ සැබෑ නිර්මාණකරුවා මීට පෙර ඒ සඳහා හිමිකම් පෑ හිමිනම නොවන බවත්, එහි සැබෑ රචකයා විදේශගතව වෙසෙන මෙරට මහාචාර්යවරයෙකු බවත් 'අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය' සංවිධානයේ සභාපති ජාමුනි කම්මුනි තුෂාර මහතා හෙළිදරව් කර තිබේ.























