ඇප පිට රටින් පැන්න කුඩු සළිඳු ආයෙත් අතුරුදන්… අත්අඩංගුවට ගන්නැයි නියෝග!
ඇප නිදහස් වූ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත්කර තිබේ.
ඇප මත නිදහස් කිරීමේ දී සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස “කුඩු සළිඳු” නැමැත්තාට අධිකරණය විසින් කොන්දේසියක් පනවා තිබිණි.
ජයවර්ධනපුර රෝහලේ සැත්කමක් කරපු 9 හැවිරිදි දරුවාට ආපහු සිහිය ඇවිත් නෑ! දින 4කට පසු මියයයි!
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදුකරන ලද ශල්‍යකර්මයකින් අනතුරුව සිහි නොලබා මියගිය තම නව හැවිරිදි දරුවාගේ මරණයට එම රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වගකිව යුතු බවට මියගිය දරුවාගේ දෙමාපියෝ චෝදනා කරති. මෙලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට පෙතිගමුව හල්තොට ප්‍රදේශයේ පදිංචි ධනූජ වික්‍රමාරච්චි නැමති 09 හැවිරිදි දරුවෙකි.
අලුතෙන් එන්න යන ලාබ බෝතලේට පටන් ගනිද්දීම බාල්දියක් පෙරළෙයි!
නීතිවිරෝධී මධ්‍යසාර පානය කරන පිරිස් ඉන් ගලවාගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබෙන පසුබිමක, ඒ පිළිබඳව සැබෑ උවමනාවත් ඇත්නම්, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් කළයුත්තේ වැටළීම් සිදුකර නීතිවිරෝධී අරක්කු නිෂ්පාදනය අඩාළ කිරීම මිස, කසිප්පු වෙනුවට වෙනත් නිෂ්පාදනයක් අඩු මිලට ලබාදීම නොවන බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ වැඩසටහන් අධ්‍යක්ෂ අමරනාත් තැන්න පවසයි.
චන්ද්‍රසේනටත් දේශපාලන සරණාගතයින් සඳහා වූ රැකවරණය හිමි වේ!
පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරඟ වැද පරාජයට පත්වූ හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (23) සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගත්තේය.
දේශපාලන ආරංචි මාර්ග පවසනා පරිදි චන්ද්‍රසේන මහතා නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්දවීම සඳහා ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප වීම හේතුවෙන් මෙම තීරනය ගෙන ඇත.
සජිත්ගේ සහතික ගොන්නෙන් මතුවූ පියානන්ගේ ලිපිය
සිය අධ්‍යාපණ සුදුසුකම් සම්බන්ධයෙන් ඇතිවූ සමජා කතිකාවතෙන් පසුව, හිටපු කථානායක අශෝක රංවල මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටියේය. එය එක්තරා ආකාරයකින් සජබය ලැබූ ජයග්‍රහණයක් විය. නමුත් විශ්වාසභංග යෝජනාව විවාදයට ගනිද්දී නියත වශයෙන්ම ආණ්ඩුව පැත්තෙන් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කරමින් ප්‍රහාර එල්ල කරනු ඇති බවත්, කල්තියාම ඊට මුහුණ දීමටත් සජිත් සැලසුම් සකස් කර තිබුණි.